You are
in
KHUB
Music Zone
ගායනයක් නිවැරදිව කිරීමේදී ගායකයා විසින් සිදු නොකළ යුතු දෝෂ 25 ක් සංගිතය පිළිබඳව ලියැවුනු ශාස්ත්‍රිය ග්‍රන්ත වල සඳහන් වේ...
ඒවා මෙසේය....
01. සංදශ්ඨය:- දත්මිටි කමින් ගී ගැයීම
02. උද්ඝාෂ්ඨය(උද්ඝෘෂ්ඨය) :- තාලය හා ලාලිත්‍යයෙන් තොරව අධික ශබ්දයෙන් ගායනය කිරීම
03. ශීත්කාරිය :- සිහිමූර්ජා වූ අයෙක්/අධිකව සතුටුවන අයෙක්/සීතලෙන් වෙව්ලන අයෙක්/නින්දේදී තදින් හුස්ම පිට කරන අයෙක් ලෙස වෙව්ලන තොල් ඇතිව ගායනය කිරීම.
04. භීත :- බිරාන්ත වී ගැයීම.
05. ශංකිත :- තමා ගයන්නේ නිවැරදිවමද? තමාට දැන් දැන් වරදීද? යන සැකයෙන් යුතුව ගැයීම.
06. කම්පිත :- තම මුවින් නිකුත් වන ශබ්දය හෝ ශරීරයේ අවයව අනවශ්‍ය පරිදි සොලවමින් ගැයීම.
07. කරාලි :- අනවශ්‍ය ලෙස උඩබලාගෙන ගැයීම.
08. විකල :- ගායනයට නියමිත ශ්රැතියට වඩා ඉහළින් හෝ පහළින් ගැයීම.
09. කාකී :- කාක්කෙකුගේ හඬින් ගැයීම.
10. විතාලය :- තාලයෙන් තොරව ගැයීම.
11. කරභ :- බෙල්ල පැත්තකට ඇල කර(උරහිස මත තබා ) ගැයීම.
12. උද්වඩ :- එළුවෙක් බිය වී කෑ ගසන ලෙස ගැයීම.
13. ඣෙමාඛක/ඣෙම්ඛක :- නළල මුහුණ දෙකම්මුල් පිපිරෙන තරමට පුම්බා ගැයීම.
14. තුම්බකී :- ග්රීවය ලබු ගෙඩියක් මෙන් පුම්බා ගායනය කිරිම.
15. වක්රී:- ග්රීවයේ පසුපස වක ගසා ගෙන ගැයිම.
16. ප්රසාරී :- මුඛය අසාමාන්‍ය ලෙස ඇරෙන සේ අත් පා එහෙ මෙහෙ විසි කරමින් ගැයීම.
17. නිමිලක :- ඇසේ සුද මතුකරමින් ඇස්පිය හෙලමින් ගැයීම.
18. විරස :- ගිතයෙන් මතු වන රසයට ප්‍රතිවිරුද්ධ රසයකින් ගැයිම. ( ශෝක රසයෙන් යුතු ගියක් නටමින් සතුටින් ගැයීම.)
19. අපරස්වර දෝශ:- නියමිත ස්වර නොමැතිව විකෘති ස්වර ගැයීම.
20. අව්‍යක්ත :- ගීතයේ වචන අපැහැදිළිව ගැයීම.
21. ස්ථාන භ්‍රෂ්ඨ:- මන්ද්‍ර,මධ්‍ය.උච්ච සප්තක වල යෙදෙන ස්වර නියමිත පරිදි නොගැයීම.
22. අව්යස්ථිත :- ගිතය හෝ ගිතයේ ස්ථායි අන්තරා කොටස් ආරම්භ කළ යුතු සප්තකයෙන් නොගයා හිතු හිතූ තැන් වලින් ආරම්භ කිරිම.
23. මිශ්‍රක :- රාග ඇසුරින් නිර්මාණය වූ ගිත අදාල රාගයෙන් බැහැරව හිතුමතේ මිශ්‍ර කරමින් ගැයීම.
24. අනවධාන :- ආරෝහණ, අවරෝහණ ස්ථායි සංචාරී යන ලකුෂණ පිළිබඳව නොසලකා හැර ගායනය කිරිම.
25. අනුනාසික :- නාසයෙන් ගැයීම.
මීට අමතරව තවත් අප දෝෂ 7 ක් දැක්වේ.
· විමල:- ගී ගයන අවස්ථාවේදී අවදානය වෙනතක රඳවා ගෙන ගැයීම.
· චාලක :- අතපය වීසි කරමින් ගැයීම.
· ආන්දොලන:- හිස සොලවමින් ගැයීම.
· ඒක දෘෂ්ඨි :- එක් දෙයක් හෝ පුද්ගලයෙක් දෙසම බලා ගෙන ගැයීම.
· ඌධවගාමී:- මුඛය අඩට ඔසවා ගැයීම.
· පාදප :- රාග තාල ගැන තේරුම් නොගෙන ගැයීම.
· සාවක:- පද මාලාවේ අරුත තේරුම් නොගෙන ගැයීම.
෴ ශ්‍රීපාලි පට්ටිකාර ෴
උච්චාරණ ඉන්ද්රිය පද්ධතියේ විකාති වීමක් නැති මිනිසුන් සියලු දෙනාටම ‘‘කටහඬක්‘‘ තිබෙනව. අවශ්‍ය වන්නේ එය ප්‍රබල කටහඬක් කර ගැනීමයි. ලස්සන මිහිරි කටහඬක් යනු ඇත්තෙන්ම ප්‍රබල දායාදයක්. ගායකයෙක් විමට යමෙකුට යාන්තමින් හෝ හීනයක් ඇත්නම් එය හසුරුවන ආකාරය පිලිබඳව හොඳ දැණුමක් සමගම පලපුරුද්දක් තිබිය යුතුයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආශ්වාස කිරීම තුළින් වාතය ලබාගැනීම සහ එය පාලනය කරගැනීමයි මෙහිදී විය යුතු වැදගත්ම දෙය.
දහඅටවන සියවසේ විසූ කාර්ලෝ බ්රොස්කි නම් ඔපෙරා ගායකයා එක හුස්මට ස්වර 150ක් ගායනය කළ හැකි කෙනෙක් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබෙනව. මේ තත්ත්වයට එකවරරම ගායකයෙකුට පැමිණිමට අපහසුයි.
මූලිකවම සිදුකිරීමට අවශ්‍ය වන්නේ ශරීරයෙන් ශබ්දය පාලනය කිරීමට ඉගෙන ගැනීමයි.
වර්තමානයේ බොහෝදෙනෙක් සිතන්නේ ගායනා කිරීමේදී උපකාරවත් වන්නේ ‘‘උගුර‘‘ පමණක් කියායි. නමුත් සැබෑ තත්වය ඊට වෙනස්. ගායනා කිරීමේදී ‘‘මුළු ශරීරයම ‘‘ එයට දායක වනවා.ඒ සඳහා මුළු ශරීරයේ ම ශක්තිය ඔබ දැනුවත්ව හෝ නොදැණුවත්ව වැය වනවා. මේ නිසා මුලින්ම කළ යුතු වන්නේ
‘‘මුළු ශරීරයේම පේශීන් සැහැල්ලුව තබාගැනීම‘‘යි.
බොහෝ අය හිතනව මේ විදියට පේශී ලිහිල්ව තබා ගන්නට ශරීරය බර අඩු විය යුතුයි කියා. එහෙත් ඔබ දන්නා තරමින් කල්පණා කර බලන්න.බටහිර ඔපෙරා ගායකයන් ගැන. සාමාන්‍යෙයන් ඔවුන් තරමක් මහතයි.ඔවුන් ගේ ගායනයේදී විශාල ශක්තියක් වැය වෙන නිසා ඔවුන් වැඩිපුර ආහාර ගන්නවා.
විසිවන ශතවර්ෂයේ සිටි එක් ප්‍රසිද්ධ ගායිකාවක් වන ‘‘මරියා කැලස්‘‘ මේ ගැටලුවට ප්‍රායෝගිකව මුහුන දුන් අයෙක් ලෙස වාර්තා වෙනව. ඇයට තිබුණලු ඉතාමත් තියුණු කටහඬක් එය තවත් ප්‍රබල කර ගැනීමට නම් ඇගේ ශරීරිය සැහැල්ලු කර ගත යුතු බවට ඇයට උපදෙස් ලැබුනලු.ඒ සඳහා ඇය කර තිබුණේ අනවශ්‍ය ලෙස ආහාර පාලනය කිරීම. ඒ නසා නිසා ඇය පමනක් නොවේ ඇයගේ කටහඬ ඉතාමත් දුර්වල වුනාලු
වෘත්තීය මට්ටමේ ගායන ශිල්පියෙකුට තමා මුවින් නිකුත් වන ශබ්දය මුලු ශරීයෙන්ම පාලනය කිරීමට ඉගෙන ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ,
පහල ස්වර ( මධ්‍ය සප්තකයේ ‘‘ස‘‘ ස්වරයේ සට පහලට) හැකිතාක් පහලට ගැයීමට උත්සාහ කිරීමයි. අවදාරණය කළ යුතුයි මෙය එක්වරම කිරීමට යාම නම් ඉතා අවදානම් සහිත ක්‍රියාවක්. එම නිසා පියවරෙන් පියවර යා යුතුයි. උදාහරනයක් විදියට ඔබට උපරිමව ගායනය කළ හැක්කේ ‘‘මන්ද්‍ර ‘ධ‘ ස්වරය‘‘ වෙනකල් පමණක් කියා හිතමු. ඔබ කළ යුත්තේ ‘‘මද්‍ය ‘ස‘ ස්වරයේ‘‘ සිට සෙමෙන් ස්වරය බැගින් පහළට පැමිණ ‘‘මන්ද්‍ර ධ‘‘ ස්වරයේ නතර වී සිටීම ඔබට හැකි තරම් වෙලාවක්. හැබැයි මෙහිදී ආයාසයෙන් අමාරුවෙන් එම ස්ථානයේ රැඳී නොසිටිය යුතුයි.
ඊළඟ දිනයේ දී තමයි ඔබ ‘‘මන්ද්‍ර ප‘‘ ස්වරය වෙත ගමන් කිරිමට සිතන්න ඕනෙ. ඒ සිතිවිල්ලේ ඉඳගෙන මුලින්ම ඔබ උත්සාහ කරන්න. එය කිරීමට ඔබට අපහසු නම් අමාරුවෙන් ඔබේ සිරුරට වද දෙන්න නම් එපා. ඔබට හැකි උපරිමයේම නැවත රැඳී සිටින්න. ඊළඟ දිනයේ නැවත උත්සාහ කරන්න.
මෙලෙස ඔබට හැකිතරම් පහළට මන්ද්‍ර ස්වර ගැයූ පසු නිකමට මෙන් පහළ සිට ඉහල ස්වර වලට ගයා බලන්න. නිරායාසයෙන්ම ඔබට ‘‘උච්ච ස්වර‘‘ (ඉහළ ස්වර) ගැයීමට හැකි වී තිබේවි. නිකම්ම නෙමෙයි. ඔබට කෙතරම් පහත් ස්වර ප්‍රමාණයක් ගායනා කළ හැකිද? එතරම්ම ඉහළ ස්වර ප්‍රමාණයක්ද ඔබට ගයනු හැකි වේවි.
මෙයට හේතුව ඔබ දන්නවාද?
පහළ ස්වර ගායනා කිරීමේ දි උපකාර වන්නේ ‘‘ළය ප්‍රදේශය‘‘ පෙනහලු, හෘදය වැනි අවයව ත් සමග එක්ව ක්‍රියා කරනව. ඉතින් එම අවයව වලට හොඳ අභ්‍යාසයක් ලැබෙනව පහල ස්වර ගායනයෙන්. නමුත් ඉහළ ස්වර ගායනයේදී උදව් වෙන්නෙ ‘‘හකු ඇටය,මුහුනේ අස්ති‘‘ වැනි දේවල් එම අවයව වලින් හඬ පවත්වා ගැනිමට විනා හඬ සකස් කර ගැනිමට උදව්වක් ලැබෙන්නෙ නැහැ.
අපි නිතර අසා තිබෙනව නේ හුස්ම පාලනයෙන් කියා නිවැරදි ගායනයකට ප්‍රවේශ විය හැකි. ඉතිං හුස්මත් එක්ක නිතර ගනුදෙනු කරන්නෙ ළය ප්‍රදේශය ආශ්රිත අවයව. ඒ නිසයි පහළ ස්වර අභ්‍යාස වලට වැඩි ඉඩකඩක් දෙන්න කියන්නෙ.
සංගීත විද්‍යාව ගැන මා ලියන මේ ලිපි පෙළේදි මා නිතර කියූ දෙයක් තමයි‘‘ලොව මෙතෙක් බිහි වූ විශ්ෂ්ඨතම සංගීත භාණ්ඩය ‘‘මිනිස් කටහඬ‘‘ බව. එය සොබාදහමින් අපට ලැබී තිබෙන මිල කළ නොහැකි දායාදයක්.
වෘත්තීය මට්ටමේ ගායකයෙකු තරම් දක්ෂ ලෙස ගායනය කළ හැකි වන්නේ අපගෙන් කිහිපදෙනෙකුට පමණක් වූවද ‘‘සංගීතය අපේ ජීවිතයේ කොටසක්‘‘. ඔබට හොඳින් ගායනය කළ හැකි වුවත් නැතත් ඔබ සතු කටහඬ නමැති සංගීත භාණ්ඩය ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති ඇති.
හිමින් හයියෙන් රහසින් , මේ ආදී කොයි ආකාරයෙන් කතා කළත් ශබ්දය නිකුත් වෙන්නේ ‘‘ස්වරාලයෙන්. ස්වරාලය පිහිටා තිබෙන්නේ උගුරේ මැද ප්‍රදේශයේයි. ස්වරාලය දෙපැත්තේ ස්වර තන්ත්ර ලෙස හැඳින්වෙන කුඩා පේශිමය සිවි දෙකක් පිහිටා තිබෙනවා.
මෙයින් ශබ්දය නිකුත් වෙන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් ආශ්වාස කරන විට ස්වර තන්ත්ර ළිහිල්ව තිබෙන නිසා ඒවා ශ්වාස නාලයේ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. ඒත් ඔබ ගායනා කරන විට වාතය ස්වරාලය තුළින් වැඩියෙන් ගමන් කරන නිසා ශ්වාස නාලය හීනි වන අතර ස්වර තන්ත්ර කම්පනය වීම මගින් ශබ්දය නිකුත් වෙනවා.
ස්වර තන්ත්ර ඇදෙන තරමට ඒවා වඩාත් වේගයෙන් කම්පනය වෙන නිසා එයින් නිකුත් වන්නේ උච්ච ස්වරයක්. ස්වරාලයට ඇතුල් වෙන වාතය අඩු වන විට ස්වර තන්ත්ර ළිහිල් වන අතර ශ්වාසනාලය විශාල වෙනවා. මෙමගින් ඇති වන කම්පනය අඩු වන නිසා එයින් නිකුත් වන්නේ ගැඹුරු කටහඬක්.
පළමු වන කොටසින් මා ඔබට පැහැදිළි කළේ " හඬ පරාසය" සකස් කර ගත හැකි සරළ අභ්‍යාසයක් ගැන. මෙම කොටසින් සාකජ්ජා කෙරෙන්නේ හුස්ම රඳවා තබා ගැනීම පිළිබඳව. මොකද? බොහෝමයක් අයට තිබෙන ගැටළුවක් තමා "ගායනය ඉදිරිපත් කිරීමේදී තමා කිසියම් කාලසීමාවක් තුළ ගායනය කළ යුතුව තිබෙන ගීතමය කොටස ගායනා කර අවසන් වන්නට පෙර තමා රඳවා ගෙන සිටින හුස්ම අවසන් වීම"".
මේ නිසා ඇතිවන ගැටළු කීපයක් තමා පහතින් දැක්වෙන්නෙ...
ගයන්නේ ගීතයක් නම් එහි අවසන් වචන කිහිපය නොඇසී යාම හෝ අපැහැදිළි වීම.
ආයාසයෙන් හුස්ම රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම නිසා අසන්නාට එය කෑගැසිල්ලක් සේ ඇසීම.
අනවශ්‍ය ලෙස හුස්ම රඳවා ගැනීමට උත්සාහ කිරීමෙන් ගායනය අතරතුර ඉක්කාවක් වැනි දෙයක් ඇතිවීම.
( ඇතැම් අවස්ථාවල මෙය සබකෝලය,බය නිසාද ඇතිවන අතර එය එසේ වන්නේද හර්ද ස්පන්දනය වේගවත් වීමේදී කෙටි හුස්ම ඇතිවන නිසාය.)
ගීයක පේලියක් ගයා අවසානයේ"හහ්" යනුවෙන් හුස්ම ගන්නා ශබ්දය අමිහිරිව ඇසීම.
ඉතින් මෙවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මනා හුස්ම පාලනයක් ඇති කර ගත යුතුමයි. මේ සඳහා ඔබ මුලින්ම කළ යුතු වන්නේ,
ඔබේ හුස්ම ගැනීමේ රටාව ගැන අවංකව දැණුවත් වීම
මෙහිදී මා "අවංකව දැණුවත්වීම" කියා සඳහන් කළේ ඇයි දන්නවද?
බොහෝ අය තමන් ගැනම අධි තක්සේරුවකින් ඉන්නෙ ගීතයක් සාමාන්‍ය පමණින් හෝ ගැයීමට හැකි වූ පමණින්. ඉතිං ඒ නිසා මුලින් තමන්ට තමන් අවංක වෙන්න ඕනා.
ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.
1. නිදහස් වේලාවක් තෝරා ගන්න.
මෙය තමන් ගැන තමන් විසින්ම කරන නිරීක්ෂණයක් නිසා රාත්‍රී නින්දට යන වෙලාව වඩාත් සුදුසුයි කියලයි මම නම් හිතන්නෙ.
2. එම කාලය තුළ ඔබ සාමාන්‍යයෙන් හුස්ම ගන්නා පිළිවෙලට හුස්ම ගන්න.
විනාඩි 5-10 ත් අතර කාලයක් මේ සඳහා වැය කළාම ප්‍රමාණවත්.
මෙහිදී ඔබ නිරීක්ෂණය කළ යුත්තේ ඔබ ගන්නේ "කෙටි හුස්මද? දිග හුස්මද? යන්නයි.
3. ඊළඟ පියවරේදී ඔබ ඉහළට ගෙන පහළ දමා අවසන් වන එක හුස්මකට " තත්පර කීයක්" ගත වනවාද? කියා නිරීක්ෂණය කරන්න.
( බොහෝ අයට මෙහිදී ගණනය වන්නේ තත්පර 1හෝ 1 1/2 වැනි ඉතා කුඩා අගයක්.)
ඉහත සරළ පියවර මගින් ඔබට හොඳින්ම ඔබේ හුස්ම ගැන අවබෝධයක් ලබාගත හැකියි. එය තීරණය කිරීමෙන් පසුව දෙවනුව තමා හුස්ම පාලනය කිරීමට පිවිසිය යුත්තේ. හුස්ම පාලනය කිරීමේ මූලික පියවර වන්නේ උදරය ට ප්‍රධාන තැන දෙමින් හුස්ම ගැනීමයි. මෙය " බඩෙන් හුස්ම ගැනීම" කියා බොහෝ දෙනා පවසනව. ඔබේ සාමාන්‍ය හුස්ම ගැනීමේ රටාවට නැවතත් අවධානය යොමු කර බලන්න.
"ඔබ ඉහළට ගන්නා හුස්මටද, පහළ හෙලන හුස්මටද කියා ඔබේ උදරය හකුළන්නෙ?"
(බොහෝ අය පිටකරන හුස්මටයි උදරය හකුළන්නෙ.) ගායනයේදී මෙය කණපිට හරවා ගත යුතුයි.
මුලින්ම, ඒ කියන්නෙ,
*ඔබ ඉහළට ගන්නා හුස්ම බඩ හකුළා ගත යුතු අතර... පහළ හෙලන හුස්මේදී බඩ පිම්බීම කළ යුතුයි.*
***** මෙහිදී නම් මේ කාරණය අවධාරණය කළ යුතුමයි. *****
ඔබ ඉහළට ගන්නා හුස්ම නාසයෙන් ගත යුතු අතර පහළට හෙලන හුස්ම කටින් පිට කළ යුතුයි
ඒ වගේම හොඳින් මතක තබා ගන්න. මෙයද ප්‍රගුණ කළ යුත්තේ ඔබේ සාමාන්‍ය හුස්ම රටාවෙන්මයි.
( මෙහිදී බඩ හැකිලීම කළ යුතු වන්නේ ඔබ ඉණට අඳින ඇඳුමක් ඇඳීමේදී බඩ අකුළන ප්රමාණයටයි.. එසේ නැතිව බඩ පිටට ඇලෙන ප්‍රමාණයට හෙම නොවෙයි.හොඳද?)
* දැං ඔබ මෙම ක්‍රමයට හුස්ම ඉහළ ගැනීමටත් පහළ දැමීමටත් හුරු කිරීමේදීම ඔබේ හුස්ම රඳා පැවතුන "තත්පරය හෝ තත්පර 1 1/2 ," "තත්පර දෙකකට විතර" ඉබේටම වැඩි වේවි..
අැතැම් විට කලින් තිබුණ ප්‍රමාණයේම තිබුණත් ඔබට හුස්ම ගැනීමේ හා හෙලීමේ යම් සැහැල්ලුවක් දැනේවි.
සැ.යු.
මෙහි සඳහන් ක්‍රමයට අමතරව යුරෝපීය ඇතැම් රටවල කටහඬ පාලනයට අවශ්‍ය හුස්ම අභ්‍යාස වලදී ‘‘ගන්නා හුස්මට බඩ පිම්බීමත්,හෙළන හුස්මට බඩ හැකිළිමත් සිදු කල යුතු බව ත් සඳහන් කර ඇති ලිපි ද මෙම ලිපිය සැකසීමේදී මට හමුවුනා. ඒ ඒ රටවල දේශගුනයන්ට ගැලපෙන ආකාරයට එලෙස වෙනස් කම් පවතින්නටත් පුලුවන්.
නමුත් මෙහිදී වැදගත් වන්නේ ගායනයට අවශ්‍ය කරන හුස්ම ප්‍රමාණය වැඩි වේලාවක් රඳා පවත්වා ගැනීමනේ. එහිදී වඩා වැදගත් වන්නේ මෙහි මා සඳහන් කළ ක්‍රමය බවට විශ්වාසයි.
ප්‍රවේසමින් අත්හදා බලන්නකෝ...
සංගීත භාණ්ඩයක් තෝරා ගැනීම,ප්‍රගුණ කිරීම, භාවිතය තුළින් ‘ඉවසීම‘ ‘සතුට‘ ලඟා කර ගත හැකි පියවර
ඔබ ළමයෙකු හෝ වැඩිහිටියෙකු වුවද පළමු වරට සංගීත භාණ්ඩයක් ඉගෙනීම යනු අමිහිරි සරදමට ලක් වන ක්‍රියාවක් විය හැකි. ( මට මතකයි මා මුලින්ම වයලීන් වාදනය ආරම්භ කළ අවධියේ මගේ හිච්චි මාමා ගේ අනේක සරදම් හා උසුළු විසුළු වලට ලක්වූ ආකාරය. ඒ වගේමයි වයලීනය අරන් යනවිට ‘‘ආ...නංගී හිරමනෙත් අරං පොල් ගාන්න යනව වගේ‘‘ කියා මැටිමෝල් අයියණ්ඩිලා මාව කටගැස්මකට ගත් හැටි. )
කෙසේ වෙතත්, ප්‍රිතිය හා සංගීතයට වඩා වැඩි යමක් සංගීත භාණ්ඩ වලින් සලසනවා. ඇත්ත වශයෙන්ම සංගීත පසුබිමක් නැතිව අනෙක් විෂයන් ඉගෙනීමට වඩා වාදනය ප්‍රගුණ කිරීමෙන් ඔබට අනෙක් විෂයන් ද ඉගෙනීමට පහසු කරවයි. මෙය එක්තරා විදියකින් ඔබ නොදන්නා අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා වගෙයි. ඒ වගේම ඔබ ගණිතය වැනි විෂයන් සඳහා අතිදක්ෂයක් වීමට ද එබගේ එම දැණුමම උපකාරිවේ. ආරම්භයේදී ඔබේ දෙසවනට වඩාත්ම ප්‍රිය උපදනව සංගීත භාණ්ඩයක් තෝරා ගත යුතු අතර හැකිතාක් එය අධ්‍යනය කරන්න. ඔබ ඉගෙන ගන්නා සරළ පාඩම් වල සිට බැරෑරුම් සංගීත ශිල්ප ක්‍රම දක්වාම මෙන්ම සෑම සංගීත ක්‍රමවේදයක් පිළිබඳ වු නැඹුරුතාව සහ සංගීත භාණ්ඩය උදෙසා ඔබ දක්වන කැපවීම මත ඔබව අති දක්ෂයකු බවටපත්කරනවා.
ශ්‍රී ලංකාවේ දි නම්........
පළමුව ලූහුඩුදැන්වීම් හරහා ඔබ කැමති සංගීත භාණ්ඩය තොරා ගැනීමට බලද්දී, මේ රට සහ කලාපය තුල සාමුහික පිළිගැනීම් පිළිබඳ බලපෑමක් ඇති බව ඔබට දක්නට පිළිවන.(පෙරදිග තූර්ය භාණ්ඩ වලට විෂේශ නැඹුරුතාවක් තිබීමයි මෙයින් අදහස් කළේ) ඈත ඉතිහාසයේදී යුරෝපීයන් පළාත් බදව වැසියන් පදිංචි කිරිමේදී පවා ඔවුන්ගේ සංගීත සංස්කෘතින් හා විශේෂයෙන් ගිටාර් ද ඒ සමඟම ගෙන ආබව සඳහන් වෙනවා. අප්‍රිකාව සමඟ වෙළඳ කටයුතු කිරිමේදී සහ ඉන්දියාව අසලදීත් ඔවුන්ගේ එම ජන සංගීතය හා වෙනත් සම්ප්‍රදායික සංගීතයන් වල දැකීමටතිබුණු බලපෑමහොඳින් හඳුනා ගන්න පුළුවන්. එපමණක් නොව ‘‘රොක් සංගීතය‘‘ පැතිරීයාමේ දි එය තාරුණ්‍යයේ සංස්කෘතියට අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සළකුණ තබා ඇති අන්දම දැකීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් කලාපය තුල නවීන සංගීතය කොතෙකුත් විහිදී පැතිරී තිබුණද තම මුල් මගින් උරුම වු සාම්ප්‍රදායික ‘‘බෙර හා ගායනා ක්‍රම‘‘තවමත් ශ්‍රී ලංකාව පවත්වා ගෙන යනු ලබනවා.
බෙර වාදනයෙන් අරඹමු..........
අති සරළ සංගීත භාණ්ඩ අතුරින් ඇරඹුම සඳහා බෙර හොඳ භාණ්ඩයක්. කුඩා අතේ තබා ගෙන වාදනය කළ හැකි බෙර වල සිට රොක් සංගීතයේදී භාවිතා වන ඩ්‍රම්ස් දක්වා සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය වන්නේ රිද්මයයි. පටන් ගැන්මේදී සාමාන්‍ය තාලය බෙර වාදනයට ආධුනිකයා ආකර්ෂණයකර තබා ගනියි. ඔබට ඒ සඳහා ආසාව ඇති වූ පසුයි ඔබ නැවත ආරම්භයට පැමිණිය යුතු වන්නේ. ඒ කොහොමද දන්නවද? ඉතාමත්ම අඩු ලයකින් (තාලයකින්) ඔබ වාදනය ප්‍රගුණ කළ යුතුයි. මුලදි අඩු වේගයෙන් වාදනය කරද්දි ඔබට ඈනුම් යාවි,කම්මැළි හිතේවි. ඒ දීර්ඝ වෙලාවක් අඩු ලයෙන් වාදනය කිරීම තුළ ඔබේ අතැඟිළි නිවැරදිව හසරවා ගන්නත්. බලානෙ ඉන්න කෙනෙකුට ඔබේ දෑත් චලනය අලංකාරවත් ලෙස පෙන්වන්නත් පුළුවන් වන මූලික අභ්‍යාසය ලැබේවි. වාදන ශිල්පියාත් ප්‍රාසාංගික විය යුතුයි. අද බලන්න සමහර වාදන ශිල්පින්ගේ වාදන ඕනෑ තරම් අහගෙන ඉන්න පුළුවන් වුනත් වාදනය කරනව දැක්ක ගමන් ශිල්පියත් එක්කම එපා වෙනව.ඔහු එම වාදනයේ දී තම අතැඟිළි හසුරුවන්නේ ඉතාම අපහසුවෙන්.ඉතින් මේ සඳහා තමයි අතා අඩු වෙගයෙන් වයන්න ආරම්භ කරන්න කියන්නේ.
මේ අභ්‍යාසයෙන් සිදුවෙන ලොකුම වාසිය තමයි ඔබත් නොදැණුවත්වම ඔබේ ඉවසීම වර්ධනය වීම.
සාම්ප්‍රදායිකව අපි හිතන්න පුරුදු වෙලා ඉන්නෙ වාදනයක් වේගයෙන් කරන්න තමා අමාරුම කියල. මේකට මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ දවස් වල අවුරුදු උතුසව තියනවා නේ. ඒවගෙ තියෙනව ‘‘හිමින් බයිසිකල් ධාවන තරඟය‘‘ කියල තරඟයක. ඒකෙදි ජයග්‍රාහකය වෙන්නෙ අඩුම වේගයෙන් බයිසිකලේ පැදපු කෙනා. එයින් ජයග්‍රහණය කරන්න කොයිතරම් ඉවසීමක් ඕනෙ වෙනවද? නමුත් බයිසිකලේ සමබරතාවය ආරක්ෂා කරගන්න එය ඔහුට තම ජීවිත කාලයට ප්‍රයෝජනවත් වෙනවා.
සබකෝලය...........
ඔබේ නිවසේ අය එකරාශී වනවිට ඔවුන් ඉදිරියේ බෙරය ගෙන විනෝදය සඳහා හැකිනම් රිද්මයානුකූල නර්තනයක් ද සමඟින් වයන්න. සංගීත භාණ්ඩයන්ගෙන් පිරිස අතර ටිකෙන් ටික උද්යෝගය ඇති කරවීම උදෙසා වැයීමෙන් ඔබට පුහුණුවක්ද ලැබේ. අසල්වාසීන් පවත්වන උත්සව සඳහා ඔබේ සහයෝගය ‘‘නොමිලේ‘‘ ලබා දෙන්න. ආරම්භයේ සිට ඔබ මුදල් පසුපස ගියොත් නම් වැඩි කල් යන්න කලින් කැපිල පෙනිම කෙසේ වෙතත් ඔබ පෙනිල කැපෙයි.වෙනස් වෙනස් ශබ්ද උපදවා ගන්න උත්සාහ කරන්න. ගීතයකට හෝ නැටුමකට වැයිමේදී ඔබේ අතට ගෙනන විඩාව යම් තරමකින් මගහැර ගන්න පුළුවන්.
පියානෝව................
පියානෝව (මේ වෙනුවට පුංචි ඕර්ගනයක් වුවත් කම් නැත) ස්වර වාදනය පටන් ගැන්මට ඇති හොඳම සංගිත භාණ්ඩයයි. එසේ වුවද එය තරමක් සංකිර්ණතාවයක් පෙන්නුම් කරයි. සෑම යතුරක්ම යම් සංගීත ධ්ව්නියක්(නාදයක්) පෙන්නුම් කරයි. මෙහිදී කොළයක සටහන්ව ඇති සංගීතරචනාවක් තේරුම් ගනිමින් අත හුරුකර ගනිමින් පියානෝව ඉගෙන ගැනිමට සිදුවේ. ඒ අපහසු තාවය මඟහැර ගැනීමට එබ නිතරම සිතන්න එම ස්වර ඔබට යම්කිසි කථාන්තරයක් කියා දෙනවා කියා. එවිට ඔබේ වෙහෙස නැති වේවි. ස්වරය ගලපා ඔබ විසින්ම ඔබේ ඇගිලි සෑම යතුරක් මතම තබාවි අපූරුවට.එලෙස ලබන ඔබේ පුහුණුවේදී ඔබ විසින් කොළයක ඇති සංගීතය ඔස්සේ මේ සියලූ ධ්ව්නි ඇති ස්ථාන හොඳින් හඳුනා ගනු ලබාවි. මේ දැණුම ඔබේ හිතේ ධාරණය කරගෙන, තිබේන කොළයක ඇති සංගීතය ධ්ව්නි නිසා ඕනෑම ගීතයක් ඔබට වැයීමට හැකියාව ලැබේනවා. මෙය දිගින් දිගටම ප්‍රගුණ කිරිම මගින් ඔබට ඇසෙන ඔනෑම ගිතයක් ප්‍රස්ථාරයක් නැතිව වුවත් ක්ෂණිකව වයන්න හැකියාව ලැබෙන්නෙ නිරායාසයෙන්මයි.
ගිටාරය ...........
ගිටාරය යනු ද්වාරයක් (දොරක්)වැනි සංගීත භාණ්ඩයක්, ඒ හා සමාන වු අනෙක් තත් භාණ්ඩ වාදනය කිරිමට ඔබට මෙයින් දොරටුව විවර වන නිසයි එසේ පැවසුවේ. උදාහරණයක් වශයෙන් ඔබ ‘‘ඔකෝස්ටික් ගිටාරය‘‘ වාදනය කිරිමට උගනියි, එහි අති දක්ෂයකු වු විට ඔබට එම දැණුම ම උපයෝගී කරගෙන ‘‘බේස් ගිටාරය‘‘, ‘‘ඉලෙක්ටි්රක් ගිටාරය‘‘වාදනය කිරිමට හැකිය.
ඔබේ ගිටාර් දැණුම සමඟ ඔබට පුංචි සංගීත කණ්ඩායමක් වුවත් ඇරඹිය හැක. ඔබ සිතෙහි ඇති සංක්ෂිප්ත තොරතුරු සමඟ ඔබේ මිතුරන්ට උගන්වන්නපටන් ගන්න නිර්ලෝභීව, ඒ සමඟ වෙනස් සංගීත භාණ්ඩ සමඟින් නානප්‍රකාර සංගීත භාණ්ඩ නිර්මානය කරන්නත් ඔබට පුළුවන්. ඔබේ වටපිටාවේ පවත්වන සාදයන්ට අදවු කරන්න. මෙහිදීනම් ඔබට පුංචි මුදලක් අය කරන්න අවසර තිබෙනවා.
කුළියට හෝ තාවකාලික භාවිතයට .........
ඔබේ සංගීත කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ පිළිබඳ තිරණය කල විට අළුත්ම සංගීත භාණ්ඩක් පිළිබඳ ඔබ සිහින මවමින් සිටිමට පුළුවන, නමුදු කුළියට හෝ තාවකාලික පාවිච්චිය සඳහා සංගීත භාණ්ඩයක් ගැනීම හොඳ කල්පනාවකි. ඔබ වාදනය කිරිමේදී ඔබට දැනෙන්න ගන්නවා සංගීත භාණ්ඩය ඔබ සඳහා/ඔබේ සංගීත කණ්ඩායම සඳහා සුදුසු වන හෝ නොවන බව. ඒ වගේම එහි හඬ උත්පාදනය වන ආකාරය, භාණ්ඩයේ පිහිටීම, හැඩය, අලුත්වැඩියාව,පරෙස්සම,වැනි කරුණු පිළිබඳව ඔබ සැලකිලිමත් වෙනවා.පසුකාලීනව තමන්ගේම කියා සංගිත භාණ්ඩයක් නඩත්තු කිරීමට ඒ දැණුම ප්‍රෙයා්ජනවත් වෙනවා.
බොහෝ සංගීත භාණ්ඩ විකිණිමට ඇති ස්ථාන වල එම සංගීත භාණ්ඩ කුළියටද දෙනු ලැබේ. හොඳ තත්වයේ සංගීත භාණ්ඩයක් වගකීමක් සහිත මාසික ගාස්තුවකට ලබා ගැනීමට සඳහා වෙළදසැලේ අයිතිකරු සමග කතාබහ කිරිම හොඳම පිළිවෙළයි. එසේ නැතහොත්, තාවිකාලික භාවිතාව සඳහා මිතුරෙකුගෙන් හෝ පවුලේ කෙනෙකුගෙන් ලබා ගන්න. ඔබ කුළියට හෝ තාවකාලික භාවිතාවට ගත්තද සංගීත භාණ්ඩය පරිස්සමි කරන්න. ඔබට සංගීත භාණ්ඩය ප්රථිස්ථාපනය කිරිමට සිදු වුවහොත් එය තරමක් මිල අධික නිසා එය රැකගන්න.
මින් පසුවයි ඔබ ඔබේම කියා අලුතින්ම සංගිත භාණ්ඩයක් මිලදී ගත යුතු වන්නේ.
ඔබ විසින් සංගීත කණ්ඩායමෙන්ම ඉපයූ මුදල් වලින් අලුත් සංගිත භාණ්ඩය මිලදි ගන්නේ නම් එය ඔබට තවත් වටීවි.එවිට එය ඔබේ පණ මෙන් ආරක්ෂා කරාවි.
පාඩම් ඉගෙන ගන්න.
ඔබේ විශේෂ සංගීත භාණ්ඩය සාමාන්‍ය පරිදි වාදනය කරනවා මෙන්ම එය නුහුරට වාදනය කිරිමෙන් ද ඔබට විනෝදයක් ලබන්න පුළුවන් කියා ඔබ දන්නවාද? එහිදි ඔබ වයන ආකාරය බලා ඔබටම හිනාවෙන්න පුළුවන්. (මෙය එකාකාරි පුහුණු වීමට විවේකයක් ලබා ගැනිමක්) ඒ වගේම සැලකිලිමත්වන්න පාඩම් මගින් එය හොඳින් වාදනය කිරිමට. සංගීතය ක්‍රමවේද ඇසුරින් කායබල වර්ධනය කිරිමෙන් ගුරුවරයෙකු හෝ අත්දැකීම් ඇති මිතුරෙකු විසින් ඔබට සංගීත භාණ්ඩය හැසිරවීම හා වාදනය පිළිබඳ නියමිත ආකාරයට උගන්වාවි. මෙහිදී හොඳ ගුරුවරයෙකු තෝරා ගැනිම ඔබේ වගකිමයි.
පාඩම් ඉගෙන ගැනීමට එක් වර මුදල් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. එසේ නැතහොත්, ඔබේ වටපිටාවේ සංගීතය ඉගැන්වීමට හැකි, අත්දැකීම් ඇති සංගීතඥයෙකු සිටිදැයි සොයා බලන්න. උද්යෝගීමත් සංගිතඥයන් ආදර්ශමය වශයෙන් ඔවුන්ගේ දැණුම විහිදා අඵත් දක්ෂයන් සමඟ නිර්ලෝභීව බෙදා හදා ගන්නේ සංගීත කර්මාන්තය ශක්තිමත් ලෙස තබා ගැනීමටය.
දිනපතා පුහුණුවන්න.
සතියක් පුරා සංගීත භාණ්ඩය මඟහැර ඔබට නිකම්ම නිකම් පාඩම් ඉගෙන ගෙන පමණක් සිටිය නොහැක. ඕනෑම සංගීත භාණ්ඩයක දක්ෂයකු වීමට පුහුණු වීම හැර අන් මගක් නැත. සංගීත භාණ්ඩයේ නියම දක්ෂයෙකු වීමට නම් දිනකට අඩුම වශයෙන් පැයක්වත් පුරුදු පුහුණු වන්න. ඔබට ගුරුවරයෙකු සිටි නම්, ඔවුන් පුරුදු වීමට නියමිත ප්‍රමාණයක් දෙනු ඇත.
ඔවුන් කලබලයට පත් නොවෙමින් අනුබල දෙනවා කායබලය සහ උදව් සපයනවා ස්වර මතකයෙන් තබා ගැනීමට හා වර්ධනය කර ගැනිමට. මෙ නිසා ඔබට ලියා දි ඇති සංගීත කණ්ඩ බැලීමට අවශ්‍ය නොවේ, නිදර්ශකයක් වශයෙන් ඔබ අදාළ සංගිත භාණ්ඩයේ ස්වර පිහිටන ස්ථාන හොඳින් දන්නවා නම් ඒවා සංගීත භාණ්ඩයෙන් නිකම්ම වයා අත හුරු කර ගන්න. සති අවසානයේදී ඔබ ගුරුවරයා වෙත යාමේදී එහු දෙන ඔනෑම අභ්‍යාසයක් එක වරම වයන ඔබේ දියුණුව දැක ඔහු /ඇය පුදුමයට පත් වේවි.
උද්යෝගය................
සංගීත භාණ්ඩ විකිණිමට ඇති ස්ථාන වලට ගොස් ඔබ විනොදයට පත් වන සංගීත භාණ්ඩ අතපත ගා බලන්න. එක වරකට එක ගීතයක් හෝ සංගීත කණ්ඩයක් පමණක් ගෙන එය අවම විනාඩි 20ක් වත් එක දිගටම වයන්න. එසේත් නැතිනම් එක දිනක්ම වටින් විට එකම සංගීත කණ්ඩයම වයන්න. අනිවාරයයෙන් ඔබ ප්‍රවීණයෙකු වනු නිසැකයි. සමහර සංගීත කණ්ඩ ලියා ඇති ප්‍රස්ථාර කොළ සම්පුර්ණ සංයුක්ත තැටි සමඟ සම්පාදිත පොත් වශයෙන් ද ඇත. ඇස් පියාගෙන ඒවා අහන්න. ඔබ සුදානම් බව හැඟුණහොත් මෙම සංයුක්ත තැටියත් සමඟම වයන්න. අතර මගදි ඔබ තැටියට පරාද වුනොත් නැවත අසන්න. විශ්වාසය ගොඩනැගුණු පසු නැවත වයන්න. සංයුක්ත තැටි ක්‍රියාත්මක කර ඒ සමඟ වැයීමේදී ඔබට දැනේවි සංධවනි වාදක වෘන්දයක් සමග වාදනය කරනා ලෙස.
ප්‍රසංගයක් සුදානම් කරන්න............
ඔබේ දක්ෂතාවන් පෙන්නුම් කිරිමට වාදනය කිරිමට ලැබෙන හොඳ අවස්ථාවකි මෙය. වැඩි පුර පුරුදු පුහුණු වී ගීත හොඳ මට්ටමට ගෙන එමට එමගින් ඔබට ඉලක්කයක් ලබා දෙනු ලැබේ. එමෙන්ම ප්රසංගයේදී ඔබේ වාදනය තවත් කෙනෙකුට තමන්ගේ ම සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීමට උත්තේජනයක් ද ලබා දිය හැක. මෙමගින් ඔබගේ වටපිටාව සාරවත් කළ හැකි අතර ඉගෙනීමද වඩා ශක්තිමත් කරගන්න පුලුවන්.
ශබ්ධ සමග පරික්ෂණ පවත්වන්න.......
සංගීත භාණ්ඩයක නිපුනයෙක් වීම මගින් ඔබ විසින් ඔබේම ශබ්ද නිර්මානය කර ගිනිමට පෙළඹේ. සංගීත භාණ්ඩය භාවිතා කිරිමට හොඳින් අවබෝධ කරගත් විට, වෙනස් ශබ්දයන් ද අත්හදා බලන්න. ස්වරයන්ට අනුකූලව වෙනස් තත් එකවර එකට වයමින් ගීත සහ සංගීත කණ්ඩ වයා බලන්න.අවශ්‍ය නම් ඔබේ මිතුරෙකුගේ ආධාරය බෙරයක් යොදා යොදා ගන්න. කිසිවෙකු කිසි දින සිතා නැති ශබ්ධයන් සමඟ ඔබ ඉදිරියට ඒවී. සෑම දිනකම නව ප්රභේදයන්ගේ සංගීතය ගවේශනයට සහ නව සොයා ගැනිම් සිදුකරන්න.මෙවැනි නිර්මාණශිලී හිතුවක්කාරකම් කිරිම තුළින් ඔබ නිරායාසයෙන්ම සංස්කෘතික විප්ලවයේ කොටස්කරුවකු වනු ඇති.
සංගීතය ඉගෙන ගැනීම යනු ජිවිතයටම උදා වන ප්රයෝජනයකි. ඔබ ප්රවීණයෙකුසේ සංගිත භාණ්ඩයක් වාදනය කරනවා නම්, ඔබේ දරුවන්ටද එම දක්ෂතාවයේ ඵල නෙලා ගත හැක. ඕනෑම ගුරුවරයෙකුට කතාකර ඔබට ගැලපෙන සංගීත භාණ්ඩය සොයා ගන්න. තාල තරංග භාණ්ඩ, තත් භාණ්ඩ, සහ ලෝහ සංගිත භාණ්ඩ (බ්රාස්* ඇතුලත්ව ඔබට තෝරා ගැනීමට හැකි වර්ණවත් සම්භාව්‍ය සංගීත භාණ්ඩ මෙන්ම සරළ සංගීත භාණ්ඩ ද බොහෝමයක් ඇත. ඔබේ ජිවිතය උසස් කර ගැනීමට අදම සංගිත භාණ්ඩයක් අත්හදා බලන්න.
අන් කිසිවකටත් වඩා අනාගතයේදි ඔබට මුහුණ දීමට සිදු වන සංකීරණ ජිවිත අවස්ථාවන්හිදී නොසැලී සිටිමට අවශ්‍ය කරන ඉවසීම,දරාගැනීමේ ශක්තිය,උපක්‍රමශීලී භාවය,නිර්මාණශීලීත්වය වැනි අත්‍යවශ්‍ය ජිවිත අවශ්‍යතා වලින් පරිපූර්ණ උතුම් මිනිසෙකු ලෙස සාරවත් මතකයක් ජිවත් වන්නන්ට ලබා දීය හැකිය.
ජන සංගීතවේදය (Ethnomusicology) යනු ඉතා පුළුල් විෂයය පරාසයකි. නිදසුනක් ලෙස බටහිර සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානි රංගධාරී සංගීතය වැනි එක් විෂයය ධාරාවක් ඉන් ආවරණය කෙරෙන්නේ නැත. ඒ වෙනුවට බටහිර සම්භාව්‍ය, හින්දුස්ථානි, ජන සංගීතය ආදී සෑම ශෛලයක්ම හැදෑරීම ඊට අයත්ය. එය විශ්ව සංගීතය පිළිබඳ හැදෑරීම වශයෙන් හඳුනාගත හැකිය.
ජන සංගීතවේදයට දේශීය , කලාපීය, අන්තර් ජාතික ආදී වශයෙන් සීමා මායිම් නොමැත. එකකට එකක් උසස් හෝ පහත් යනුවෙන් වර්ගීකරණය කිරීමට ද නොහැකිය. ජන සංගීතවේදියාට දේශීය සංගීතය ගැන මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ ද අවබෝධයක් තිබිය යුතුය. ජන සංගීතවේදියාගේ ආරම්භය ඇත්තේ දේශීය සංගීතය හැදෑරීම තුළය.
ජනසංගීතවේදයේදී කිසියම් සංස්කෘතියක් තුළ ඒ ඇසුරින් සංගීතය බිහි වන අයුරු හදාරයි. නිදසුනක් ලෙස ගොයම් කවි දැක්විය හැකිය. එතැන සංස්කෘතියක් තිබේ. ජනසංගීතවේදියා හදාරන්නේ හුදෙක් ඵලය නැත්නම් නිෂ්පාදනයට නොවේ. ඊට අදාළ ක්‍රියාදාමයම හදාරයි. එබැවින් ජන සංගීතවේදියාට සමස්තය ගැනම යම් අවබෝධයක් තිබේ.
මෙහිදී අප වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය (Medical Ethno musicology) පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්රවලදී බොහෝ දුරට එය යොමු වන්නේ ඒ හා සම්බන්ධ විෂයයට හෝ විෂයයන්ට පමණි. වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතවේදය ඊට වෙනස්ය. එහිදී අංශ තුනක් අත්‍යවශ්‍යයෙන්ම සම්බන්ධ වේ. එනම් සෞම්‍ය ප්‍රවර්ධනය, සංගීතය සංස්කෘතික පසුබිම යන කරුණුය.... මේ අංශ තුන පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදියාට අවබෝධයක් තිබිය යුතුය. පර්යේෂණද අංශ තුනටම අදාළය. මේවා අතර අන්තර් විෂයයික සම්බන්ධතාවක්ද පවතී.
මෙහිදී වඩාත් මූලික වන්නේ සංස්කෘතික පසුබිම හඳුනා ගැනීමය. ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය නිවැරදිව තෝරා ගත හැකි වන්නේ එමඟිනි. වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය වෛකල්පිත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. එනම් බටහිර වෛද්‍ය විද්‍යාව හෝ ආයුර්වේදය වැනි ප්‍රධාන ධාරාවේ ප්‍රතිකාර ක්‍රමවලින් බැහැරය. රෝගියාගේ ස්වභාවය අනුව විවිධ සංගීත සාම්පල යොදමින් ගැලපෙන සාම්පලය තෝරා ගත යුතුය. එහිදී, ජන සංගීතය බටහිර රොක්, පොප් වැනි විවිධ සංගීත ශෛලීන් භාවිත කළ හැකිය. වැදගත් වන්නේ මේ අතරින් රෝගියාට ගැලපෙන ශෛලිය හඳුනා ගැනීමය.
රොක් සංගීතය ප්‍රිය කරන අයකුට ජන ගී භාවිත කිරීම ප්‍රතිඵල රහිතය. බටහිර රටවලදී බොහෝ විට භාවිත කරන්නේ බටහිර සම්භාව්‍ය සංගීතයයි. රෝගියා මුස්ලිම් ජාතිකයකු නම් ඔහුගේ සංස්කෘතික ආගමික පසුබිම ගැන අවබෝධයකින් ප්‍රතිකාර ක්‍රමය තෝරාගත යුතුය. සෙසු ආගමික සංස්කෘතික පසුබිම්වලටද එය අදාළය.
ප්‍රතිකාර ලෙස භාවිත කරන සංගීත ශෛලියේ ශබ්ද, නාද රටා ආදියට ද කෙනකු සංවේදී විය හැකි ය. එවිටද එය ඵලදායක බලපෑමක් ඇති කරයි. සංගීත චිකිත්සාව පිළිබඳ අපේ රටේ ද යම් අවධානයක්, උනන්දුවක් තිබීම වැදගත් කාරණයකි.
එය හැදෑරීම සඳහා ද උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ යම් නැඹුරුවක් පවතී. මේ විෂයය සම්බන්ධයෙන් අපේ රටේ නැඹුරුවක් ඇති වී එතරම් කාලයක් ගත වී නැතත් ඊට වසර 60 – 70 ක ඉතිහාසයක් තිබේ. එබැවින් දියුණු රටවල විධිමත් මට්ටමින් සංගීත චිකිත්සාව භාවිතයට ගැනේ. වෛද්‍ය විද්‍යාලවල, මනෝ චිකිත්සක ආයතන හා සායනවල එය භාවිත වන අයුරු දැකිය හැකිය.
වසර ගණනාවකට පෙර ආචාර්ය ලසන්ති මනරංජනී මහත්මිය විසින් මෙරටදී සංගීත චිකිත්සාව පිළිබඳ පර්යේෂණ සිදු කළ අතර වෛද්‍ය රුවන් ඒකනායක ඈ සමඟ පවසා ඇත්තේ මාසයකට වතාවක් රටේ පිළිගත් සංගීතඥයකු කාඩියොලොජි ඒකකයට ගෙන්වා වැඩ සටහනක් පවත්වන බවය.
හෘදය සැත්කමකින් පසු සුවය ලබා සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වන අය ද තමන්ට හෘදයාබාධය වැළැඳෙන විට කරමින් සිටි කාර්යය නැවත කිරීමේදී ඊට බිය වෙති. ඔවුන් ශාරීරිකව සුවය ලබා ඇතත් නියමිත මානසික සුවය ලබා නොමැත. මෙවැනි අයට සංගීත චිකිත්සාව මඟින් සැලසෙන යහපත විශාලය.
වැඩ සටහන් නිමාවේදී ඔවුන්ට නිකරුණේ බලා සිටීමට ඉඩ නොදී ප්‍රතිචාර ලබා ගැනීම ද සිදු වේ. එම ප්‍රතිචාරය අත්පොළසන් දී සතුට ප්‍රකාශ කිරීමක්, ගීතය රස විඳීමෙන් පසු තමන්ට දැනුණු හැඟීම වදන්වලට පෙරළීමක් විය හැකිය. මේ කවරක් වුවද වැදගත් වන්නේ ප්‍රතිචාර දැක්වීමය. නාරි හා ප්‍රසව වෛද්‍ය උපාලි මාරසිංහ මහතාද ගැබිනි මවුවරුන් සඳහා පිරිත් හා සංගීතය රස විඳීමට ඉඩ සලසමින් මානසික සැහැල්ලුවක් ඇති කර ගැනීමට ඔවුහු යොමු කර ඇත. රෝහලේ දරු ප්‍රසූතිය සඳහා සූදානමින් දින කිහිපයක් නතර වී සිටීමට සිදුවන මවුවරුන් ගේ සිත ඇත්තේ ගෙදරය. ස්වාමියා හා දරුවන් ආහාර ගන්නට ඇතිද නැතිනම් කුසගින්නේද වැනි කොතෙකුත් ප්‍රශ්න ඔවුන්ගේ සිතට නැඟේ. මෙහි දී සිදු වන්නේ ඔවුන් ඉදිරිපිට ඇති විශාල කාර්යයට තවමත් ඔවුන් සිතින් සූදානම්ව නොසිටීමය. එවිට එම කාර්යය අපහසු වේ.
වෛද්‍ය උපාලි මාරසිංහ ඊට පිළියමක් ලෙස යෙදුවේ පිරිත් හා යාතු කර්ම ඇතුළු සංගීතය ශ්‍රවණය කිරීමට මවුවරුන්ට ඉඩ සැලසීමය. එමඟින් තම සිත් සන්සුන් කර ගැනීමට ඔවුන්ට හැකි වූ බව පැහැදිළි විය. එය දරුවා බිහි කිරීමේ ක්‍රියාවලිය සැහැල්ලුවෙන් සිදු කිරීමට බලපෑවේය. එහිදී, මෙය සිදු කළේ සංගීතයට ඇති සංවේදී බව තේරුම් ගැනීමෙනි. සංගීත චිකිත්සාව සාර්ථකව භාවිත කළ හැකි තවත් අවස්ථාවක් නම් ආතති කළමනාකරණයයි.
අතිශයින් කාර්යබහුල හා සංකීර්ණ සමාජ වටපිටාවක සිටින බොහෝ දෙනකුට ආතතිය ප්රශ්නයකි.
ආතතිය ඕනෑම වයසක සිටින අයකුට ඇති විය හැකි තත්ත්වයකි. හුදෙකලා වීම නොතකා හැරීම වැනි නොයෙක් තත්ත්ව නිසා අසරණභාවයට පත් වන්නන් ඉන් අසහනයට පත්ව සිය දිවි නසා ගන්නා මානසික තත්ත්වයකට පවා ඇද වැටේ. එය වළක්වාගත යුතුය. මානසික ව්‍යාකූලතාව නිසා ප්‍රශ්නවලට මුහුණපාන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. විනාඩි 3 – 4 ක ගීතයක් සංගීත ඛණ්ඩයක් රසවිඳි පමණින් එවැනි මානසික තත්ත්වයක සිටින අයකු යථා තත්ත්වයට පැමිණේවි යැයි අපේක්ෂා කළ නොහැකිය.
අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමට සිදු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැරසිටමෝල් ලබා ගැනීමෙන් උණ හිසරදයට සහනයක් ලද හැකි බවට විශ්වාසයක් ද ගොඩනැඟී තිබේ. මෙලෙසට පුද්ගලයා ප්‍රිය කරන සංගීත ශෛලිය හඳුනා ගනිමින් මෙය ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම පවුලේ පසුබිම හා සංගීත රුචිකත්වය ද අදාළ කරගත යුතු වේ.
ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රිය කරන අයකුට බටහිර සම්භාව්‍ය සංගීතය විඳීමට සැලැස්වීමෙන් ඔහු තව තවත් ආතතියට ලක්විය හැකිය. චිකිත්සකයකු මේ පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ යුතු වන්නේ එබැවිනි. විවිධ සංගීත ශෛලීන් සහ සම්ප්‍රදායන් ගැන චිකිත්සකවරයකුට දැනුවත් බවක් තිබිය යුතු වන්නේ මේ නිසාය.
සංගීත චිකිත්සාව හා වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතය පිළිබඳ තවමත් අපේ රටේ ප්‍රමාණවත් අවබෝධයක් හෝ දැනුමක් ගොඩනැඟී නැත. දේශීය සංගීත සම්ප්රදාය ඔස්සේ දැනටමත් අප සතු දැනුමට තව දුරටත් දෙස විදෙස් සංගීත ශෛලීන් හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුමද එකතු විය යුතුය. ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගතව සිටි සහ විදේශ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ හා අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධව සිටි කාල සීමාව තුළ සංගීත ඥානය හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලැබේ.
එලෙස ලද දැනුම මෙන්ම අත්දැකීම් අපේ පරපුරත් සමඟ බෙදා ගැනීම කළ යුතුය. විශේෂයෙන් එහිදී වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සමඟ කටයුතු කිරීම වැදගත්ය. සංගීතය පිළිබඳ විවිධ පරාසයන්හි දක්ෂතා ඇති දරුවන් පර්යේෂණ කාර්යයන් සඳහා මෙහෙයවීමද පහසුවෙන් කළ හැකිය.
මේ ක්ෂේත්රයේ අපේ රට තුළ ඇති හිස්තැන් එමඟින් යම් පමණකින් හෝ පුරවාලීමට හැකි වන බවට දැඩි විශ්වාසයක් තිබේ.
සමස්ත සෞඛ්‍ය පද්ධතියේ පැවැත්ම සඳහා ම සංගීතයෙන් බොහෝ සුන්දර වාසි ලැබේ... සංගීතමය භාවනාව යනුවෙන් හඳුන්වන්නේ සැහැල්ලු මානසික ආක්‍රමණ උපායමාර්ගවලින් එකක් වන අතර, එය සන්සුන් මනසක් සහ ශරීරයක් වැනි කෙටි කාලීන ප්රතිලාභ ලබා දෙයි. එය කාලයාගේ ඇවෑමෙන් ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගන්නේ අපටත් නොදැනීමයි.
භාවනාවට සංගීතය ඒකාබද්ධ කිරීම මගින් දෙවර්ගයේම ධනාත්මක බලපෑම වැඩිදියුණු කළ හැකි අතර, ඔබට වැඩි පීඩන සහනයක් ලබා දෙනු ඇත. සංගීතමය භාවනාව ද කිසියම් මෙනෙහි කිරීමකි.මෙසේ සංගීතමය භාවනාව ආරම්භ කරන්නන්ට ලැබෙන වරප්‍රසාද මෙසේය... ☘ සරල සහ අඩු පීඩන හැඟීම් ඇති කර ගත හැකිය.
මෙය සංගීතය විෂයයක් ලෙස හදාරන්නන් ගේ සංගීත ඥාණය පුළුල් කිරීමට ඉවහල් වන අතර, අනෙකුත් පිරිස් වල රසඥතා වර්ධනයට සහ ඉවසීම වර්ධනයට ඉවහල් වේ. ☘ කිසියම් එක් අරමුණක සිත පිහිටුවා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගත හැකිය...
බාහිර පරසරය කෙතරම් ඝෝෂාකාරී වුවද එය පහසු කරවයි.කලබලකාරී වට පිටාවක් තුළ සැරිසරණ අතරතුර වුව ද ක්ෂණිකව අරමුණකට සිත එක්තැන් කිරීමට පුහුණු කරවයි... ☘ ඔබේ සිතිවිලි ධාරාවන් සොබාදහමේ සියුම් තැන් වෙත නිවැරදිව විහිදුවාලන අතර එමඟින් සිතිවිලි වල අන්තයන්ට ගොස් අතරමංවීම වලක්වාලනු ඇත.
භාවිතා ක්‍රමවේද *කටහඬ සමඟ සංගීතය හා දෙබස් කථන (Voice therapy )
*සොබාදහම සමග සංගීතය (Nature therapy )
*තාක්ෂණය සමග සංගීතය (Technical therapy)
*භූමිකා රංග සමග සංගීතය (Roll play therapy )
*හුස්ම සමඟ සංගීතය (Breathing therapy )
*ව්‍යායාම් සමඟ සංගීතය ( Exercises therapy)
ශ්‍රීපාලි පට්ටිකාර 2021-04-03
ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් සංගීතය නම් මානව කලාංගය බොහෝ කායික හා මානසික ව්‍යාකූලතාව සුවපත්භාවයට යොදා ගන්නවා වගේම අද වන විට රෝග නිවාරණය කිරීමේ චිකිත්සක ක්‍රමයක් ලෙස ද ප්‍රචලිතව පවතිනවා. බුද්ධ දේශනාවට අනුව සුවය (Relax)අත්විඳීමට නොහැකි වූ විට මිනිසාට නොයෙකුත් ගැටලුකාරී තත්ත්ව මතු වෙනවා.
ඒ අනුව ඔබ අප ප්‍රියකරන සංගීතයෙන් ලබන වින්දනය සිතට සහනයක් සලසනවා මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබෙනව කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.
ඒ නිසාම අද වන විට නිවස තුළ රැදෙන කොළඹ නගරාසන්න තට්ටු නිවාස තුළ සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඔවුන්ගේ ඇති වන මේ මානසික චිත්ත පීඩා දුරුකරලීමට වගේම රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ මේ වයිරසය නිසා ඇතිවන සංකූලතා මගහරවා ගැනීමට හමුදාව හා සෞඛ්‍ය සේවා කණ්ඩායම් ගීතයන් ගයමින් ඔවුන්ව සනසන අයුරු ඉතාමත් අනර්ඝයි. අද නූතන වෛද්‍ය පර්යේෂණ වලින් සංගීත චිකිත්සාවෙන් ඇති වන ප්රතිලාභ ඔප්පු කර තිබෙනවා.
මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ.....?
1991 වසරෙදි බෘෘෂියා විසින් එය හඳුන්වා දී ඇත්තේ “චිකිත්සකයා සංගීතය හා එහි සියලු අංගයන් භාවිත කරමින් රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ නඩත්තු කිරීමට උපකාරී වන අන්තර් පුද්ගල ක්‍රියාවලියක්” ලෙසිනි. පසුකලකදී එනම්, 1998 දී ඔහුම එහි විකල්ප අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සංගීත චිකිත්සාව යනු, "ක්රමානුකූල මැදිහත් වීමේ ක්‍රියාවලියක්" ලෙසයි. සංගීතය යන්න හඳුන්වා ඇත්තේ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමා හා ශබ්දය මාධ්‍ය කරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි. එසේම යම් පිළිවෙතක සකස් කරන ලද ශබ්ද වල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා තිබෙනවා. බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ "චිත්ත වේගයන්හි භාවමය ප්රකාශනය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යය " ලෙසයි. සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ. එංගලන්තයේ කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන බවයි" . එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, "බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට පවා සමූහ ගායනය තුළින් සැලකිය යුතු ප්රතිලාභ අත් කර ගත හැකි" බවයි. ඔබටත් ඔබේ පවුලේ ආදරණීයන් එකතු කර ගෙන උදේ ,සවස හෝ රාත්‍රී කාලයක ඔබ ප්‍රිය කරන සංගීත භාණ්ඩද යොදා ගනිමින් ගීත ගායනය සිදු කළ හැකිනම් අනර්ඝයි. මෙහිදී සංගීත භාණ්ඩයක් නැත්නම් ඔබට ගෙදර උපකරණ නිර්මාණශීලීව යොදා ගත හැකියි.මෙසේ ගායනය තුළින් ඔබේ පවුලේ සතුට , සමගිය වර්ධනය සමග මානසික පීඩාවන්ද දුරුවී පවුලේ බැඳීමද වර්ධනය වේ. රුසියානු ජාතික මනෝ වෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය එස් .ගුරෙච්චි හා එච්. චාල්චනිකා පවසනුයේ කිසියමි පුද්ගලයකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ශාරීරික මානසික වෙනස්කම් රාශියක් ඉවත් වන බවයි. මිනිසාගේ පැවැත්ම හා විකාශය රඳා පවතින්නේ වෛද්‍ය විද්‍යාව හා සංගීත විද්‍යාවේ සුසංයෝජනය මතයැයි දක්වන අතර සංගීතයේ දී යොදා ගන්නා රිද්ම තරංග වල නාද සංයෝග වල පවත්නා ඩෙසිබෙල් ප්‍රමාණය අනුව මිනිසා මෙන්ම මිහිකත වායුගෝලය ආරක්ෂා වේෙ මානව සංගීතය ආකාර දෙකක් ඔස්සේ ප්‍රබේදනය වෙනව 🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤 01.භාව සංයමදාරී සංගීතය (Sentimental tranquilizing music) මිනිසාගේ මානසික හා කායික සෞඛ්‍යය හා පැවැත්ම කෙරෙහි විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සංගීතය ශ්‍රවණයේ දී කිසියම් වින්දනීය ආශ්වාදයක් තුළින් මානසික සංයමයක් සමතුලිතභාවයක් හා ප්රබෝධයක් ගෙනදෙයි. 🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤 භාව ප්රකෝපකාරී සංගීතය (Sentimental provocative music ) මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි පැවැත්මට විශාල හානියක් සිදුකරනු ලබයි. මේ සංගීත ක්‍රමය අන්තර්ගතව ඇත්තේ අධික ඝෝෂාකාරී රිද්මගත හා නාද සංකලනයයි. 🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧 නින්ද හා සංගීතය 🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧 සියලුම රෝගාබාධ මෙන්ම මානසික කායික සුවය ලබා ගැනීමට ඇති එකම මිල කළ නොහැකි ලාභයකි සුවබර නින්ද. සුවපහසු නින්දක් නොලැබීමට ඉතාමත් කාර්යබහුල ජීවන රටාව බලපායිත එහෙත් අද වන විට ඒ කාර්යබහුල ජීවන රටාව නැත. මානසික කායික අවපීඩන තත්ත්ව වගේම නොසන්සුන් බව නිසාත් නින්ද තරමක් දුරස් වී ඇත. එයද සුවපත් නිරෝගී දිවිය පිරිහීමට හේතුවකි. සුවපත් නින්දට හොඳම ඖෂධයක් ලෙස භාව සංයමදාරී සංගීතය (sentimental tranquilizing music )බොහෝ පිටුවහලක් වනු ඇත . "ගායනය" කිරීමේ කිරීමේදී ඇතිවන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ Endorphins නැමැති හෝමෝන මුදාහැරේ. මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි. ගායනය කෙරෙන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරිමට සිදුවන අතර එමගින් සිරුර පුරා රැධිර සංසරණ වේගය වැඩි වේ . Endorphins හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. සංගීත චිකිත්සාවේදී සිදුවන්නේ හෘදය ස්පන්දනය හා ස්වසනය පාලනය කරන ස්වං සිද්ධ ස්නායු පද්ධතිය වෙත බලපෑම් ඇති කිරීමයි. ස්වං සිද්ධ ස්නායු පද්ධතිය කොටස් දෙකකින් සමන්විතයි. මෙය අනුවේගී (sympathetic) හා පාරානුවේගී (parasympathetic) වශයෙන් කොටස් 2කට අයිතිය. සංගීත බලපෑම ලැබෙනුයේ අනුවේගී කොටසටයි. අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නැමති මානසික ආතතිය (Stres ) ඇතිකෙරෙන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩුවන බවයි. ගායනය කිරීමේදී පෙනහලු ආබාධ සහිත පුද්ගලයන්ට ස්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවන බව පර්යේෂකයන්ගේ මතයයි. පෙනහලු ආබාධ නිසා හටගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිලිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වන මයින්ඩ් සෝන්ග් ආයතනයේ චිකිත්සක අංශයේ අධ්‍යක්ෂක මැගී ග්‍රේඩ් පවසනුයේ 'ගායන වැඩමුළු පහක් හෝ හයකට සහභාගි වූ පසු ඇතැම් රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ හැකියාව පැහැදිලිව යහපත් වූ බවයි.’ නූතන හෘදය රෝග පිළිබඳ කරනු ලබන බොහෝ වෛද්‍ය මෙහෙයුම් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේද අතර හෘදය රෝගීන් සුවපත් කිරීමෙහිලා සංගීතය එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසින් යොදා ගනු ලබයි. හදවත් රෝග හා ලේ ගමනය පිළිබඳව දීර්ඝකාලීන පර්යේෂණයන්හි නියැළුණු රුසියානු ජාතික වෛද්‍යවරුන් සොයා ගත්තේ ඩොජියල් සංගීතය ශ්‍රවණය කිරීමෙන් මානසික ආතතීන් මග හැර ගත හැකි බවත් රුධිර සංසරණය හා රිද්මය නිවැරදි වන බවත්ය. සංගීත ස්වභාවය, රිද්මය, තානය හා නාදමය හැඩ මත සිරැරේ වෙනස්කම්, හෘද ස්පන්දනීය රිද්මයේ විපරිත තත්ත්ව ඇති වේ. ඝෝෂාකාරි වූ අධික රිද්ම තරංග සංගීත ශ්‍රවණය වීමෙන් එනම් ප්‍රකෝප සංගීතයේ ප්‍රතිඵලයක් ලෙසින් පුද්ගලයන්ගේ භාවමය සිත ප්‍රකෝපය, පුද්ගල සිරැරේ නාඩි වේගය, හෘද ස්පන්දනීය රිද්මලතාව මෙන්ම මාංශ පේශීන්ගේ චලනය ද, අධික රුධිර පීඩනය හා ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම සිදුවන බව ජීව විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි. එමෙන්ම රම්යවූත් සුරම්යවූත් සංගීතය ශ්‍රවණය කිරීමෙන් සුබ දායක වූ බොහෝ ප්‍රතිඵල මානවයාට ලැබේ. විශේෂයෙන් මෘදු නාද සංයෝග හා ඝෝෂාකාරී නොවන රිද්ම රටා මඟින් මිනිස් ආතතීන් මගහැරී යයි. ආතතීන් අවම වීමෙන් සිත නිදහස් වේ. රුධිර පීඩනය සමතුලිත වේ. මේ අනුව මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි පුද්ගලයා වින්දනය කරන සංගීතය සෘජුවම බලපෑම් කරනු ලබයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 යෝග දර්ශනය හා බැඳුණු සංගීතය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වර්තමානයේ දී යෝග දාර්ශනික කායික හා මානසික ලිහිල් භාවය ඇති කරන යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමේදී ඊට ගැළපෙන උදම් රළ හඬ, ගලායන දිය පහරවල්, වැසි ජලයේ හඬ, කුරුලු හඬ, සංගීත භාණ්ඩ (බටනලා වයලීනය, සර්පිනාව) වැනි නාද යෙදීම හා ඊට අමතරව යෝග ප්‍රගුණ කිරීමේ දී යොදා ගන්නා " ඕම් " කාරය ,ගයත්‍රී වැනි විවිධ මන්ත්‍ර මෙන්ම විශේෂයෙන්ම භක්ති යෝග තුළින් දක්වන දෙවියන් වෙනුවෙන් භක්තිය වඩවන භජන්, කීර්තන් ගායනා ද මනසේ ශක්තිය අවදි කිරීමටත් ,මනස ශක්තිමත් කිරීමේ අරමුණිනුත් යොදා ගැනේ. 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 සිරුරේ ප්‍රතිශක්තියට සංගීතයේ බලපෑම 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 මිහිරි සංගීත ඛණ්ඩ සවස් කාලයේ හා රාත්‍රී කාලය තුළ ඇසීම තුළ පර්යන්ත ස්නායු පද්ධතිය මගින් නිපදවන නයිට්රජන් ඔක්සයිඩ් (NO) ප්‍රමාණය වැඩිවීම නිසා විශේෂයෙන්ම විවිධ බැක්ටීරියා හා වයිරස් ආසාදන වලට සිරුරට මුහුණදීමේ හැකියාව වැඩිවන බවත් , එනම් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවෙන බවත් සොයාගෙන ඇත. සිරැරේ හෝමෝන අසමතුලිතතා පාලනයට සංගීත චිකිත්සාව යොදා ගැනේ. එය සිරුරේ උෂ්ණත්වය සමනය හා ආවේගකාරී සිතුවිලි එනම් ආයුර්වේදයෙහි සඳහන් රජස් හා පිත් කෝපකාරී ගති ලක්ෂණ පාලනයට විශේෂයෙන් ශාන්ත, කරුණා රසයන් මතු කරන පූර්වී රාගය, මර්මා හා භෛරවී රාගයන් උපයෝගී කරගැනීම ඵලදායි වන බව සොයාගෙන ඇත. විවිධ භාව උද්දීපනය කිරීමෙන් එනම් කරුණ රසය, වීර්යය රසය වැනි දුක් දොම්නස් පහ කරන්නාවූ රසයන්ගෙන් යුත් කාෆි හා ආශාවරී රාගයන්ගෙන් සැදුණු සංගීතය විශේෂයෙන්ම වාත දෝෂය බලපාන්නාවූ සවස් කාලයේ ඇසීමට සැලැස්වීම වඩා ඵලදායි බව නවීන තාක්ෂණික පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මේ පැතිරී යන සංක්‍රමණික රෝග හා සංක්‍රමණික කාලය තුළ ඔබට වඩාත් ඵලදායි ලෙස සංගීතය යොදා ගැනීමට හැකිනම් හැකි නම් වඩාත් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰 ගර්භණියයි සංගීතයයි 🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰 ඔබ දන්නවාද? මව්කුස තුළ සිටින ඔබේ පුංචි පැටියාට සංගීතය ඇසීමට සැලැස්වීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව. නූපන් දරුවන් වෙනුවෙන් සංගීතයේ බලපෑම පිළිබඳ අධ්‍යනයේදී බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ජොනතන් ෆුල්ෆර්ට් විසින් MRI උපාංගයේ බෝල්ඩ් ඉෆෙක්ට් වර්ගීකරණය සම්බන්ධ කරගත්තා. එයින් ගැබේ සිටින දරුවාගේ මොළයේ ඔක්සිජන් දර්ශනය දැක බලා ගැනීමට පුළුවන්. මෙහිදී කුස සිටින දරුවාට සංගීතය ඇසෙන්නට සලසා මවු කුසට සම්බන්ධ උපාංග මගින් දරුවාගේ මොළයේ රුධිර සංසරණය අධ්‍යයනය කළා. සංගීතය ඇසෙන විට රුධිර සංසරණය මනාව සිදු වෙන අන්දම මෙහිදී පෙනී ගියා. මෙම අධ්‍යයනය තව දුරට සංවර්ධනය කරමින් ගැබ සිටින දරුවා සංගීතයට සවන් දෙන අන්දම හඳුනා ගැනීමට ගැබේ සිටින කළලයේ මුහුණ පිහිටි දිසාවට රතු ආලෝකයක් ලබා දුන්නා. ඒ අතරම සිදු කරන ලද MRI වාර්තාවෙන් පෙනී ගියේ දරුවාට ශබ්දය ඇසෙන බවත් රුධිර සංසරණයට සමගාමී ලෙසින් පෙනීම සහ ඇසීම ඉතා හොඳින් සිදු වෙන බවත්ය. නමුත් මේ අවස්ථාව වෙනුවෙන් යොදා ගත යුත්තේ කඨෝර නොවන ළයාන්විත සංගීතය බවත් අමතක නොකළ යුතු බවත් ජොනතන් සඳහන් කරනවා. ඒ අනුව ඔබ ගර්භණී මවක් නම් මෙම ව්‍යසන අවස්ථාවෙ සංගීතය ඔබවත් දරු පැටියාවත් නිරෝගීව තබාවි. නැතිනම් ඔබට ඔබේ දරු ගැබට ඇසෙන්න කුස අතගාමින් සියුම් නාදයකින් නැළවිලි ගී කියන්න පුළුවනි. එයත් ඉතා ඵලදායීය. තවද ගැබෙහි දරු පැටියාට ඇසෙන ලෙස භාවනා ක්‍රම, ගාථා ශ්‍රවණය, ගීතිකා ගායනය (ඔබ අදහන ආගමට අනුව) වැනි දෑ කිරීම මේ කාලය තුළ පමණක් නොව දරු පැටියා මෙලොවට බිහි වනතුරුම කළ හැකියි. දරු නැළවිලි ගී මගින් දරුවන්ගේ මානසික හා කායික වර්ධනයට සුබවාදී ප්‍රතිඵල ලබා දෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් සනාථ වී තිබෙනවා. මෙම අඩු තාරතාවකින් යුක්ත සංගීතය දරුවන්ගේ මනසට බෙහෙවින් යෝග්‍ය බැව් හඳුනා ගත් අතර පෙරදිග මෙන්ම අපරදිග ලෝක සංගීතය බෙහෙවින් තම ජීවිතයට සම්බන්ධ කර ගත් බව පෙනී යනවා. එබැවින් මෙවන් සමයක වෙනදාට වඩා නිදහසකින් ඔබ නිවසෙහි රැදෙන බැවින් කුඩා දරුවන්ගෙ මානසික සුවතාව උදෙසා මේ උපක්‍රම යොදා ගත හැකියි. 👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧 පවුලේ සාමාජිකයන් එකට එක් වීමේ කාලයයි මේ. 👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧 මිනිස් සිරුර බාහිර ලෙසින් අපට ලැබෙන දේ පිළිගැනීමේ හැකියාවෙන් යුක්ත අතර ආදරය, කරුණාව, සංවේගය වැනි හැඟීම් නිසා අපේ සිතට ඇති වන බලපෑම පාලනය කරන්නේ අධිෂ්ඨානයේ සහ චිත්ත ශක්තියේ බලපෑම අනුවය. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් අය වේදනාවන් දරා ගැනීමට අපොහොසත් වුණත් තවත් පිරිසකට වේදනාවන් අතින් නැගී සිටින්නට තරම් චිත්ත ශක්තියක් තිබෙනවා. සංගිත චිකිත්සාවේදී පුද්ගලයාගේ මානසිකත්වයට අනුව යමින් සංගීතයෙන් ප්‍රතිකාර ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඔෙබ් පවුලේ සාමාජිකයන්ගේ සිත්වල මෛත්‍රී කරුණා ගුණ වර්ධනයට ද ඒ අනුව සංගීතය දායක වෙනවා. රසය යනු කලාවේ බීජයයි. විඳීමට සිතක් තිබිය යුතුයි. අපගේ මොළය වම් හා දකුණු අර්ධ ගෝල දෙකකින් සමන්විත අතර කලාත්මක හැකියාවන්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් මෙන්ම ආදරය, දුක, විරහව වැනි විවිධ මානසික ශක්තීන් එකට බැඳී පවතින හැඟීම් ද මොළයේ දකුණු අර්ධ ගෝලය හා සම්බන්ධයි. විශේෂයෙන් විරහව විවිධ මානසික ශක්තිවලට හේතුවක් ලෙස දැක්වේ. උදාසීන ගති ඉස්මතු කරන මෙවැනි අවස්ථාවක ශෘංගාර රසය දනවන සංගීතය එනම් කල්‍යාණ, බිලාවල් හා කමජ් රස ආශ්රිත සංගීතය ශ්‍රවණය මනස සන්සුන් කිරීමට යෝග්‍ය බව සොයා ගෙන ඇත. සිතෙහි හටගන්නා අසමතුලිත තත්ත්වයන් හා මානසික අවපීඩනයන් හෙවත් ගැටලු, ආතතීන් හේතු කරගෙන පුද්ගල චින්තන රටාවේ වෙනස්කම් ඇතිවීම නොවැළැක්විය හැකිය. එසේ වන විට සිරුරේ ජෛවී රසායන ක්රියාවලියෙහි විවිධ වෙනස්කම් සිදුවේ. මේ තත්ත්ව පාලනය කිරීමට නූතනයේ ක්‍රමවේද දෙකක් ප්‍රයොජනයට ගනී. 1. බෞද්ධ භාවනාව 2. සෞම්‍ය වූ රාගධාරී/ සම්භාව්‍ය සංගීතය මධුර වූත් රමණීය වූත් කන්කළු වූත් සංගීත රාවයන්ට සවන් දෙන පුද්ගලයාගේ හෘදය ස්පන්දනීය රිද්මයත් (Heart beat ) එ් හා සම්බන්ධ වන ඉන්ද්රියය ක්‍රියාකාරිත්වය සමතුලිත වේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ජන ජීවිතය හා සංගීතය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සංගීත රිද්මයන් ප්‍රාථමික යුගයේ පටන් මානව ජන ජීවිතය සමග බද්ධව පැවතුණා.කමතේ අස්වනු නෙලන කාලයට ඇසෙන ගොයම් කවි, රෑ පැල් රැකීමේදී තනිකම පාළුව මැකීයාමට කියූ පැල් කවි වැනි ජන ගී තුළින් මනසට මෙන්ම අස්වැන්නටද විශාල ලෙස මෙම සංගීතය බලපෑමක් වී ඇත. සරු අස්වැන්නට එය බලපා ඇති බවට අතීත සාධක ද හමුවේ. මේ අවුරුද්දේ අවුරුදු සැමරීම අසීරු වුවත් අවුරුදු කාලය ළංවත්ම ඇසෙන කොහාගේ නාදයද චිත්ත ප්‍රීතිය වඩවන්නක් බව ඔබ දන්නවා. කොහාගේ නාදය නිසායි මුළු ලක් වැසි සියලු දෙනා දැනගන්නෙ අවුරුදු ළඟ බව. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ශාන්ති කර්ම, සෙත් කවි දක්වාම මේ තාල රිද්මයන් විකාශනයව පැතිර පවතී. කොහොඹා කංකාරිය, බලි යාග, තොවිල්, පිරිත් සජ්ජායනය, ගැබිණියගේ නිවසින් ඇසෙන අංගුලිමාල පිරිත්, අපේ දේශීය නාද රටා ඇසෙන හේවිසි හඬ, පෙරහැරවල් ආදී මේ සියල්ල රටට මෙන්ම ජනතාවට ඇතිවන බිය, කරදර දුරු කරලීමට යොදා ගත් සාම්ප්‍රදායික සංගීත රිද්මය මුසු ක්‍රමවේද වේ. මීට වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සංගීත චිකිත්සාව යොදා ගෙන ඇත. පුරාණ වේද ග්රන්ථයක් වන ගාන්ධර්වවේදයද එය මනාව විස්තර කර ඇති අතර ඔබ අප හදුනන ශාරීරික දෝෂයන්ට අමතරව මනසෙහි තත්ත්ව තුනක් ලෙස සත්ත්වො, රජස්, තමස් පිළිබඳ ආයුර්වේදය දක්වනවා. සෞම්‍ය සංගීතය සත්ත්ව ගුණ වර්ධනය කර මනස සන්සුන් කරනවා. වර්තමානයේ හැල්මේ දුවන ජීවන ගමන තුළ සුලබව අසන්නට ලැබෙන මානසික හේතූන් මුල් කරගෙන ඇති වන මනෝකායික රෝග වලටද, විශාදය, මිග්රේන්, ඉරුවාරදය, කොඨර ප්‍රදාහය, ඇදුම, පීනස, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදය රෝග වැනි බෝ නොවන රෝගවලටද සංගීත චිකිත්සාව විශිෂ්ට ප්රතිඵලදායි සත්කාරයක් බවට වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර අවසන්. සිරුරේ කායික, මානසික සමතුලිතතා ඇති කිරීම කෙරෙහිත් ශරීර නිසි ක්‍රියාකාරිත්වයට ආහාර දිරවීමට, ලේ ගමනාගමනයට, ශක්තිය රඳවා ගැනීමට, සිරුරෙහි වර්ධනයට හා ආරක්ෂාව උදෙසාත් සංගීතය ඉවහල් වන බවත් විවිධ වූ සංගීතමය ශිල්ප ක්‍රම හා නාද සංයෝග මෙන්ම රිද්ම චලන ක්‍රියාකාරකම් තුළින් මානවයාට මෙන්ම අවට පරිසරයටත් බොහෝ සේ බලපෑම් කළ හැකිය. උදා: ඇතැම් ගොවි බිම්වල සංගීතය ආශ්‍රය කරගෙන සිදුකරන කෘෂිකාර්මික කටයුතුවලදී විශිෂ්ට අස්වැන්නක් ලබා ගත හැකි බවට වාර්තා වේ. විශේෂයෙන් නූතන ජීව විද්‍යා පර්යේෂණ අනුවත් කායික විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අනුවත් පෙනහළු නිරෝගී බවට පත් කර ආසාදිත තත්ත්වයන් අවම කිරීමට මෙන්ම ස්නායු පද්ධතිය නිරෝගී ශක්තිමත් කර ආරක්ෂා කිරීමට වාදනය හා රසාලිප්ත සංගීතමය සංයෝජනාවන්ට මහත් මෙහෙයක් කළ හැකි බව වාර්තා වේ. සංගීතය යනු විශ්ව භාෂාවකි. මිනිසාට පමණක් නොව මිහිතලයෙ ඇති ගස් වැල් සතා සිව්පාවුන් සුවපත් කරන ගුණය මේ ස්වභාවදහමින් මතු කරන සංගීත රටාවන් තුළම ගැබ්ව ඇත. එනිසාවෙන් මේ අපූර්ව වූ සංගීතය යහපත් ලෙස යොදා ගෙන මිහිතලය ද ඔබ ද නිරෝගී යහපත් සුවයක් ළඟා කර ගැනීම ඔබ සතුයි. මේ එ් සදහා ඇති හොඳම කාලයයි. මෙලෙසින් වයස් භේදයකින් තොරව ඔබ සියලු දෙනාට සංගීත චිකිත්සාව මගින් සුවබර දිවියක මඟ කියයි. (විශේෂ ස්තූතිය - ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත, රක්වාන ආයුර්වේද රෝහල)
🔴ආකෘතිය රසවින්දනාත්මක සංගීතමය වැඩසටහනකි.
🔴ඉලක්ක ගත පිරිස
🔴ආකෘතිය රසවින්දනාත්මක සංගීතමය වැඩසටහනකි.
🔴ඉලක්ක ගත පිරිස